තාත්තා වුනත් මා බත සරි කරන.......,
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින...//
මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්.,
රැ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්.,
ඔබ දුටු මුල් දිනේ වත් හද නොනැඟි පෙමින්.,
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්..,
තාත්තා වුනත් මා බත සරි කරන.......,
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින...//
බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ..,
අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ..,
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස..,
නොහැඟෙයි ලඟින් හිද මගෙ හිස සිඹින සඳ...
ගායනයඃ පණ්ඩිත් අමරදේව ශුරීන්
කලාතුරකින් රසවිඳිය හැකි රමණීය ගීයක්...
ප්‍රේම ගීතයන්, විරහ ගීතයන් අතිවිශාල ප්‍රමාණයක් අසන්නට ලැබුනත් මෙවැනි ගීයක් රස විඳින්නට හැකි වන්නෙ ඉතාම කලාතුරකින්...., 'අම්මා' කියු සැනින්ම අපේ මනසට නැඟෙන්නේ උතුම් බව. අප සමාජයේ උතුම්ම තැන නිතැතින්ම හිමි වන්නේ අපේ අම්මට. ස්වාමියෙක් තමාගේ බිරිඳව අම්මා ට සමාන කරන්නෙ ඉතාම කලාතුරකින්..
දුක් මහන්සි වී ගේ දොර වැඩකටයුතු වල නියැලෙමින් තම දරුවන් ආදරයෙන් රැක බලා ගන්නා තම බිරිඳ දෙස බලන ස්වාමියාට නිතැතින්ම සිහි වන්නේ අම්මා ව. දරුවන් නිදි කරවා තම බිරිඳ තමාව උකුලට ගෙන හිස අතගාන විටත් ඔහුගේ මනසට පිවිසෙන්නේ තමා අම්මාගේ උකුලේ ගුලි චෙලා අම්මාගේ උණුසුමට ලෝභ කමෙන් තුරුළු වුනු හැටියි...,
අම්මාත් බිරිඳත් අතර සෑහෙන වෙනසක් තිබෙන මුත් පතිවත රකින ආදරණීය බිරිඳකට තම ස්වාමියාගේ ලොව තුල තවත් 'අම්මා' කෙනෙකු වීමට හැකි බව මෙම ගීතය ඇසෙන විට අපට හැඟී යනවා....,
ගීතයේ සරල පද මාලාවට මුසුවුණු අමරදේවයන්ගේ රමණීය හඩ පෞරෂය ගීතයට එක් කරන්නේ අමුතුම ආනන්දනීය බවක්.......
මධුශංක.